කළු අලකොළ ඇඹුල නිවැරදිව සකසා ගන්නා ආකාරය

 අවශ්‍ය ද්‍රව්‍ය :-

  • කළු අලකොළ දණ්ඩ සහිත ඉති ඇති දළු කිහිපයක්
  • උණු වතුර කෝප්ප 2ක්
  • මිරිස් කුඩු
  • තුනපහකුඩු
  • රතු ලූනු ගෙඩි කිහිපයක්
  • සුදුලූණු බික් 2ක් පමණ 
  • පොල් තෙල් ස්වල්පයක්
  • ලුණු අවශ්‍ය පමණ
  • ගොරකා බික් 1ක්
  • අබ ස්වල්පයක්
  • කරපිංචා , රම්පේ අවශ්‍ය පමණ.
  • කොච්චි කරල් කිහිපයක්.


සාදන ක්‍රමය:-

*අලකොළ දණ්ඩේ නූල් ඉවත්කර දෙකට තුනට කඩාගන්න.

*උණුවතුර ස්වල්පයක් දමා සෝදා ගන්න.

*තුන පහ,මිරිස් කුඩු, ලුණු, රම්පේ,කරපිංචා, ගොරකා එයට දමන්න.

*කොච්චි කරල් පිටින්ම දමන්න.

*රතුළුණු කපා දමන්න.

*හොඳින් තම්බා ගැනීමට උණු වතුර එක් කරන්න.

*විටින් විට හැඳිගාමින් තම්බාගන්න.

*තැම්බුන අලකොළ මාළුව වෙනත් බඳුනකට දමා හට්ටිය ලිපේ තබා පොල්තෙල් දමාගන්න.

*එය හොඳින් රත් වූ පසු අබ ,සුදුලූණු දමා කරවූ පසු අලකොළ මාළුව එක් කර රස බලන්න
(මෙය තලප,රතු හාල් බත් සමග කෑමට ගුණ ආහාරයකි)

Comments