පැණි ආප්ප නිවැරදිව සකසා ගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය:-
- හාල් පිටි හුංඩු 1ක්
- පාන් පිටි 100g
- පොල් බෑවක පැණි පොල්
- (සීනි කැරමල් කර පොල් දමා මලවා ගැනීමෙන් සකසන්න)
- පොල් කිරි කෝප් 1 ක්
- සීනි මේස හැඳි 1ක්
- ලුණු අවශ්‍ය පමණ
- ආප්ප සෝඩා තේ හැඳි භාගයක්
- පොල්තෙල් ස්වල්පයක්
සාදන ක්‍රමය:-
*හාල් පිටි,පාන් පිටි ,සීනි මේස හැඳි 01 එකට දමා රොටී පදමට ගුලියක් අනාගන්න.
*මෙය පැය 3ක් පමණ පිපෙන්න තබන්න.
*මෙයට පොල්කිරි, ආප්ප සෝඩා,ලුණු එක්කර හොදින් කලවම් කර දැවටෙන දියරයක් සකසාගන්න.
*හොදින් ගැලවිය හැකි ආප්ප තාච්චියක් ලිප තබා රත්කර පොල්තෙල් ස්වල්පයක් ආලේප කරන්න..
*මිශ්‍රණයෙන් ස්වල්පයක් තාච්චියට දමාගන්න.ඊට උඩින් පොල් පැණි තැනින් තැන දමා ගන්න.
*පියනකින් වසා අඩු ගින්දරේ විනාඩි 2ක් පමණ තම්බා ගන්න.උණු උණුවෙම ආහාරයට ගන්න
Comments
Post a Comment