ගෙදර ඉඳලම නිවැරදිව කුරක්කන් තලප හදමු


 අවශ්‍ය ද්‍රව්‍ය:-

  • කුරක්කන් ඇට ගරා සෝදා කබලේ බැද පිටි කරගන්න(250 g)
  • උතුරාගත් උණුවතුර ස්වල්පයක්


සාදන ක්‍රමය:-
*උණුවතුර යම් ප්‍රමාණයක් වෙනත් බඳුනකට ගන්න
 
*බැද අබරාගත් කුරක්කන් පිටි එයට ටික ටික එක් කරමින් කලවම් කරන්න.ලුණු ස්වල්පයක්ද එකතු කරන්න.

*මේ සඳහා පත් හැන්දක් භාවිතා කරන්න

*හැඳි ගාන විට පිට යන පිටි නැවත එකතු කර ගැනීමට වෙනත් පොල් කටු හැන්දක් භාවිත කරන්න.

*ඉතිරි වතුර ටික, ටික ටික එක් කරමින්  ඝණපිටි මෝලියක් සේ හැඳි ගාන්න

*තව උණුවතුර ස්වල්පයක් උඩින් දමා තැම්බෙන්න තබන්න .මද ගින්දර යොදාගන්න.


*ඇඟිල්ලේ ඇල් වතුර තවරා පිටි මෝලියට තද කර බලන්න.අතේ නොඇලේ නම් පදම වේ.

(කෑම සඳහා කොල්ලු, මස් අලකොළ මාළුව,ඉතා ගැලපේ.කුඩා ගුලි සාදා ගනිමින් මස් වල දවටා සපන්නේ නැතිව ගිලින්න

Comments

Popular posts from this blog

කළු අලකොළ ඇඹුල නිවැරදිව සකසා ගන්නා ආකාරය