කොහිල අල සම්බලයක් හදමු


 

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • පැසුණු කොහිල අලයක් 
  • පොල් මිටක්
  • රතුලූණු ගෙඩි කිහිපයක්
  • දෙහි ඇඹුල් ස්වල්පයක්
  • ගම්මිරිස් කරල් 3ක්
  • ලුණු ස්වල්පයක්
  • දළු කරපිංචා අත්තක්
  • උම්බලකඩ ස්වල්පයක්


සාදන ක්‍රමය:-

*  කොහිල අලය සුද්ද කර සෝදා සිහින්ව ගිනිකූරු ප්‍රමාණයට ලියා ගන්න

*  එයට උණු වතුර ස්වල්පයක් දමා කලවම්කර මිරිකාගන්න

*  පොල්ද ,ලුණුද එයට දමන්න

*  අනෙක් සියළු ද්‍රව්‍ය සිහින්ව ලියා කොහිල අල සමඟ  මිශ්‍ර කර ආහාරයට ගන්න

Comments

Popular posts from this blog

කළු අලකොළ ඇඹුල නිවැරදිව සකසා ගන්නා ආකාරය