තලප කන්න කොල්ලු හදමු
අවශ්‍ය ද්‍රව්‍ය:-
- කොල්ලු ඇට සෝදා ගරා කබලේ බැද කුඩු කරගන්න.
- තක්කාලි ගෙඩියක්
- මිරිස් කුඩු, තුනපහ ස්වල්පය බැගින්
- රතුළූණු,සුදුලූණු ගෙඩි කිහිපයක්
- වියළි මිරිස් කරල් 2ක්
- ලුණු ස්වල්පයක්
- අමු මිරිස් කරල් 2ක්
- කරපිංචා,රම්පේ
- පොල් තෙල් ස්වල්පයක්
- කැමතිනම් මස් කැබලි කිහිපයක්
- කොස් ඇට හෝ කිරි අල 2ක්
සාදන ක්‍රමය:-
*අල සුද්ද කර කුඩා කැබලි වලට කපාගන්න
*මස් ද කපාගන්න.
*මේ සියල්ල සමග කරපිංචා, රම්පේ, මිරිස්, තුනපහ,ලුණු, රතුළුණු, අමු මිරිස් එකතු කරගන්න.
*සියල්ලම වතුර යොදා ලිපේ තබා තම්බාගන්න.
*තක්කාලිද කපා ඊට එකතු කරගන්න
*දැන් කුඩු කරගත් කොල්ලුද දමා බුබුළු දමා නටනතෙක් හැඳි ගන්න.
*වෙනම තාච්චියකට තෙල් ස්වල්පයක් දමා කරවූ පසු තලාගත් සුදුලූණු ,වේලුනු මිරිස් කරල් දෙක කඩා දමාගන්න.
*රන්වන් පාට වු පසු කොල්ලු මිශ්‍රණයට එකතු කරන්න.

Comments
Post a Comment