කළු පොල් සම්බලය නිවැරදිව සකසා ගන්නා ආකාරය
1. පොල් බෑවක පොල් කැබලි ගලවා ගන්න
(එසේ නොමැති නම් පොල් බෑයක පොල් ගාගන්න)
2. වියළි මිරිස් කරල් කිහිපයක්.
(පොල් කටුවක ගිනි අඟුරු ස්වල්පයක් දමා පුළුස්සා ගත්)
3. දෙහි ස්වල්පයක්
4. ලුණු අවශ්‍ය පමණ
5. ගම්මිරිස් ඇට කිහිපයක්
6. සුදුලූණු බිකක්
7. රතුලූණු බික් කිහිපයක්
සාදන ක්‍රමය:-
* ගලවා ගත් පොල් ගිනි අඟුරු උඩ පුළුස්සා ගන්න.
(ගාගත් පොල් නම් කබලේ දමා බැදගන්න තද රන් පැහැ වන තෙක්)
* ලුණු , සුදුලූණු, ගම්මිරිස් සියල්ල පොල් සමග අඹරා ගන්න.
* රතුළුණු දමා තලා ගන්න.
* දෙහි එකතු කර උණු උණු බත් සමග අනුභව කරන්න

Comments
Post a Comment