තාම කී රොටී කාල නැද්ද දැන්ම හදමු


 

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • සුදු හාල් පිටි 250g
  • පාන්පිටි 100g
  • ආප්ප සෝඩා ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්
  • සීනි 250g
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • පොල් ගෙඩියක ප්‍රමාණයක පොල්


සාදන ක්‍රමය:-

*ආප්ප සෑදීමට මෙන් හාල් පිටි මිශ්‍රණය සකසා පැය තුනක් තබන්න

*පොල් බෑවක පොල් කිරි ලුණු , ආප්ප සොඩා එක් කර ආප්ප මිශ්‍රණය සකසා ගන්න

*ඉතිරි පොල් බෑවක පොල් සීනි 200g දමා පොල් පැණි සකසා ගන්න

*තාච්චියකට තෙල් ආලේප කර රත්කර පිටි මිශ්‍රණයෙන් හැන්දක් දමා ගන්න.

*ඊට උඩින් පොල් පැණි මිශ්‍රණය දමා තම්බාගන්න.

*ඉතිරි සීනි ටික ලිප තබා  පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක්ද වතුර ස්වල්පයක්ද දමා පැණි මිශ්‍රණයක් සකසාගන්න

*ඊට ගම්මිරිස් කුඩුද දමා කිරි පැණි සාදා ගන්න

*මෙම මිශ්‍රණයට තම්බාගත් පැණි ආප්පය දමාගන්න.

*අප්පයට කිරි පැණි උරා ගැනීමට තබා කෙසෙල් කොළේ පිළිගන්වන්න

Comments

Popular posts from this blog

කළු අලකොළ ඇඹුල නිවැරදිව සකසා ගන්නා ආකාරය