Posts

කොහිල අල සම්බලයක් හදමු

Image
  අවශ්‍ය ද්‍රව්‍ය:- පැසුණු කොහිල අලයක්  පොල් මිටක් රතුලූණු ගෙඩි කිහිපයක් දෙහි ඇඹුල් ස්වල්පයක් ගම්මිරිස් කරල් 3ක් ලුණු ස්වල්පයක් දළු කරපිංචා අත්තක් උම්බලකඩ ස්වල්පයක් සාදන ක්‍රමය:- *  කොහිල අලය සුද්ද කර සෝදා සිහින්ව ගිනිකූරු ප්‍රමාණයට ලියා ගන්න *  එයට උණු වතුර ස්වල්පයක් දමා කලවම්කර මිරිකාගන්න *  පොල්ද ,ලුණුද එයට දමන්න *  අනෙක් සියළු ද්‍රව්‍ය සිහින්ව ලියා කොහිල අල සමඟ  මිශ්‍ර කර ආහාරයට ගන්න

පිට්ටු කෑම සඳහා ගොඩ හොද්ද

Image
  අවශ්‍ය ද්‍රව්‍ය:- ලොකු පොල් බෑවක පොල් කිරි වියළි මිරිස් කරල් කිහිපයක් ලුණු ස්වල්පයක් රතුලූණු ස්වල්පයක් උම්බලකඩ ස්වල්පයක් සාදන ක්‍රමය:- *  වියලි මිරිස් කරල් පොල්කටුවකට අඟුරු ස්වල්පයක් දමා පුළුස්සා ගන්න. *  එය අතින් කුඩු කර දියකිරි සමඟ එකතු කරගන්න *  ලුණු, උම්බලකඩ, රතුලූණු ද කපා එකතු කරගන්න  *  ලිප තබා විනාඩියක් පමණ කකරාගන්න * එයට උකු පොල් කිරි ටික එක්කර ඒ විගසම බිමට ගන්න.හොඳින් කකරගන්න.

කුරක්කන් පිට්ටුවක් කමුද

Image
  අවශ්‍ය ද්‍රව්‍ය:-  කුරක්කන් පිටි 250g ගාගත් පොල් බෑවක පොල් ලුණු ස්වල්පයක් සාදාගන්නා ආකාරය:- *  කුරක්කන් පිටි, පොල් ,ලුණු එකට දමා ඇඟිලිතුඩු වලින් මිශ්‍ර කරගන්න. *  වතුර ටික ටික එක් කරමින් මල් කරගන්න (කුඩා ගුලි වන සේ) *  දැන් මල් කරගත් පිටි පිට්ටු බම්බුවක දමා ගන්න. *  විනාඩි දෙකක් පමණ හුමාලය පිටවන තෙක් තම්බාගන්න

තාම කී රොටී කාල නැද්ද දැන්ම හදමු

Image
  අවශ්‍ය ද්‍රව්‍ය:- සුදු හාල් පිටි 250g පාන්පිටි 100g ආප්ප සෝඩා ස්වල්පයක් ලුණු ස්වල්පයක් සීනි 250g ගම්මිරිස් කුඩු ස්වල්පයක් පොල් ගෙඩියක ප්‍රමාණයක පොල් සාදන ක්‍රමය:- *ආප්ප සෑදීමට මෙන් හාල් පිටි මිශ්‍රණය සකසා පැය තුනක් තබන්න *පොල් බෑවක පොල් කිරි ලුණු , ආප්ප සොඩා එක් කර ආප්ප මිශ්‍රණය සකසා ගන්න *ඉතිරි පොල් බෑවක පොල් සීනි 200g දමා පොල් පැණි සකසා ගන්න *තාච්චියකට තෙල් ආලේප කර රත්කර පිටි මිශ්‍රණයෙන් හැන්දක් දමා ගන්න. *ඊට උඩින් පොල් පැණි මිශ්‍රණය දමා තම්බාගන්න. *ඉතිරි සීනි ටික ලිප තබා  පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක්ද වතුර ස්වල්පයක්ද දමා පැණි මිශ්‍රණයක් සකසාගන්න *ඊට ගම්මිරිස් කුඩුද දමා කිරි පැණි සාදා ගන්න *මෙම මිශ්‍රණයට තම්බාගත් පැණි ආප්පය දමාගන්න. *අප්පයට කිරි පැණි උරා ගැනීමට තබා කෙසෙල් කොළේ පිළිගන්වන්න

තලප කන්න කොල්ලු හදමු

Image
  අවශ්‍ය ද්‍රව්‍ය:- කොල්ලු ඇට සෝදා ගරා කබලේ බැද කුඩු කරගන්න. තක්කාලි ගෙඩියක් මිරිස් කුඩු, තුනපහ ස්වල්පය බැගින් රතුළූණු,සුදුලූණු ගෙඩි කිහිපයක් වියළි මිරිස් කරල් 2ක් ලුණු ස්වල්පයක්  අමු මිරිස් කරල් 2ක් කරපිංචා,රම්පේ පොල් තෙල් ස්වල්පයක් කැමතිනම් මස් කැබලි කිහිපයක් කොස් ඇට හෝ කිරි අල 2ක් සාදන ක්‍රමය:- *අල සුද්ද කර කුඩා කැබලි වලට කපාගන්න *මස් ද කපාගන්න. *මේ සියල්ල සමග කරපිංචා, රම්පේ, මිරිස්, තුනපහ,ලුණු, රතුළුණු, අමු මිරිස් එකතු කරගන්න. *සියල්ලම වතුර යොදා ලිපේ තබා තම්බාගන්න. *තක්කාලිද කපා ඊට එකතු කරගන්න *දැන් කුඩු කරගත් කොල්ලුද දමා බුබුළු දමා නටනතෙක් හැඳි ගන්න. *වෙනම තාච්චියකට තෙල් ස්වල්පයක් දමා කරවූ පසු තලාගත් සුදුලූණු ,වේලුනු මිරිස් කරල් දෙක කඩා දමාගන්න. *රන්වන් පාට වු පසු කොල්ලු මිශ්‍රණයට එකතු කරන්න.

ගෙදර ඉඳලම නිවැරදිව කුරක්කන් තලප හදමු

Image
 අවශ්‍ය ද්‍රව්‍ය:- කුරක්කන් ඇට ගරා සෝදා කබලේ බැද පිටි කරගන්න(250 g) උතුරාගත් උණුවතුර ස්වල්පයක් සාදන ක්‍රමය:- *උණුවතුර යම් ප්‍රමාණයක් වෙනත් බඳුනකට ගන්න   *බැද අබරාගත් කුරක්කන් පිටි එයට ටික ටික එක් කරමින් කලවම් කරන්න.ලුණු ස්වල්පයක්ද එකතු කරන්න. *මේ සඳහා පත් හැන්දක් භාවිතා කරන්න *හැඳි ගාන විට පිට යන පිටි නැවත එකතු කර ගැනීමට වෙනත් පොල් කටු හැන්දක් භාවිත කරන්න. *ඉතිරි වතුර ටික, ටික ටික එක් කරමින්  ඝණපිටි මෝලියක් සේ හැඳි ගාන්න *තව උණුවතුර ස්වල්පයක් උඩින් දමා තැම්බෙන්න තබන්න .මද ගින්දර යොදාගන්න. *ඇඟිල්ලේ ඇල් වතුර තවරා පිටි මෝලියට තද කර බලන්න.අතේ නොඇලේ නම් පදම වේ. (කෑම සඳහා කොල්ලු, මස් අලකොළ මාළුව,ඉතා ගැලපේ.කුඩා ගුලි සාදා ගනිමින් මස් වල දවටා සපන්නේ නැතිව ගිලින්න

කළු පොල් සම්බලය නිවැරදිව සකසා ගන්නා ආකාරය

Image
අවශ්‍ය ද්‍රව්‍ය:- 1. පොල් බෑවක පොල් කැබලි ගලවා ගන්න (එසේ නොමැති නම් පොල් බෑයක පොල් ගාගන්න) 2. වියළි මිරිස් කරල් කිහිපයක්. (පොල් කටුවක ගිනි අඟුරු ස්වල්පයක් දමා පුළුස්සා ගත්) 3. දෙහි ස්වල්පයක් 4. ලුණු අවශ්‍ය පමණ 5. ගම්මිරිස් ඇට කිහිපයක්  6. සුදුලූණු බිකක් 7. රතුලූණු බික් කිහිපයක් සාදන ක්‍රමය:- * ගලවා ගත් පොල් ගිනි අඟුරු උඩ පුළුස්සා ගන්න.       (ගාගත් පොල් නම් කබලේ දමා බැදගන්න තද රන් පැහැ වන තෙක්) * ලුණු , සුදුලූණු, ගම්මිරිස් සියල්ල පොල් සමග අඹරා ගන්න. * රතුළුණු දමා තලා ගන්න. * දෙහි එකතු කර උණු උණු බත් සමග අනුභව කරන්න