කොහිල අල සම්බලයක් හදමු
අවශ්‍ය ද්‍රව්‍ය:- පැසුණු කොහිල අලයක් පොල් මිටක් රතුලූණු ගෙඩි කිහිපයක් දෙහි ඇඹුල් ස්වල්පයක් ගම්මිරිස් කරල් 3ක් ලුණු ස්වල්පයක් දළු කරපිංචා අත්තක් උම්බලකඩ ස්වල්පයක් සාදන ක්‍රමය:- * කොහිල අලය සුද්ද කර සෝදා සිහින්ව ගිනිකූරු ප්‍රමාණයට ලියා ගන්න * එයට උණු වතුර ස්වල්පයක් දමා කලවම්කර මිරිකාගන්න * පොල්ද ,ලුණුද එයට දමන්න * අනෙක් සියළු ද්‍රව්‍ය සිහින්ව ලියා කොහිල අල සමඟ මිශ්‍ර කර ආහාරයට ගන්න